කේරළ ගංජා කිලෝ 122ක් අත්අඩංගුවට

ඊයේ(03) උදෑසන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් රුපියල් එක් කෝටි විසි දෙලක්ෂයකට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් සිසිල් බීම ලොරි රථයක සගවා ගෙන යාපනය, වඩුක්කොඩෙයි ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කේරළ ගංජා ඉන්දියාවේ සිට මුහුදු මගින් යාපනය ප්‍රදේශයට ගෙනැවිත්, එතැන් සිට මෙම ලොරි රථය මගින් වඩුක්කොඩෙයි ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටි, එම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සහ 24 හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණයින් දෙදෙනෙකු ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම ලොරිය තුළ ගෝනිවල අසුරා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 122 ක් තිබී ඇති අතර , ඒවා පිටතට නොපෙනෙන ආකාරයට සිසිල් බීම අසුරා තිබුණි.මෙම තරුණයන් දෙදෙනා වඩුක්කොඩෙයි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ .
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින්
592 Views
Comments