අතට-අත වෙනුවට “අයුබොවන්”සාම්ප්‍රදායික සුබ පැතුම් ක්‍රමය දැන් ලොව පුරා ජනප්‍රියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

අතට-අත වෙනුවට “අයුබොවන්”සාම්ප්‍රදායික සුබ පැතුම් ක්‍රමය දැන් ලොව පුරා ජනප්‍රියයි

අතට-අත වෙනුවට “අයුබොවන්”සාම්ප්‍රදායික සුබ පැතුම් ක්‍රමය දැන් ලොව පුරා ජනප්‍රියයි

කොරෝනා වෛරස් පැතිරීම වැළැක්වීමේ ක්‍රමයක් ලෙස “ආයුබෝවන්” “නමස්තේ” හෝ “වනක්කම්” යන කියමනෙන් එකිනෙකාට ආචාර කිරීමේ පැරණි සම්ප්‍රදායන් අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයද දිරිමත් කර තිබෙනවා.

 

මාරාන්තික වෛරසය පැතිරීමේ සමාන්‍ය ක්‍රමයක් වන්නේ අත් සහ ශාරීරික ස්පර්ශයට සම්බන්ධ වෙනත් ක්‍රමයක් බව දැන් ප්‍රකට හා ලෝකයම පිළිගත් සත්‍යක්.

 

කොරෝනා වෛරස් පැතිරීම නැවැත්වීම සඳහා අතට අත දීම හෝ එකිනෙකා වැළඳ ගැනීම වැනි කෙනෙකුට ආචාර කිරීමේ පොදු භාවිතයන් වළක්වා ගැනීම ලොව පුරා බොහෝ රටවල් ඔවුන්ගේ මාර්ගෝපදේශවලට ඇතුළත් කර තිබෙනවා.

 

මේ නිසා සාම්ප්‍රදායික සුබපැතුම් ක්‍රම ප්‍රවර්ධනය කරන අතරම, භෞතික සම්බන්ධතා නොමැති ඕනෑම සුබපැතුම් ක්‍රමයක් මේ සම්බන්ධයෙන් සුදුසු බව ගෝලීයව සෞඛ්‍ය අංශ ප්‍රවර්ධනය කරනවා.

 

අතට-අතදීම (හෑන්ඩ් ෂේක්ස්) අධෛර්යමත් වීමත් සමඟ බොහෝ රටවල් අයුබෝවන් - වනක්කම් - නමස්තේ වැනි සාම්ප්‍රදායික සුබ පැතුම් ක්‍රම ජනතාව අතර ප්‍රවර්ධනය කරමින් සිටිනවා.

views

2122 Views

Comments

arrow-up