ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් අපරාධ චෝදනා අයට නාමයෝජනා නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් අපරාධ චෝදනා අයට නාමයෝජනා නෑ

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් අපරාධ චෝදනා අයට නාමයෝජනා නෑ

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් අවසන් තීරණය සන්ධානයට සම්බන්ධ පක්ෂ නායකයන් පත්කරන නාමයෝජනා මණ්ඩලය විසින් තීරණය කරන බව එම සන්ධානයේ ලේකම් බැසිල් රාජපක්ෂ පැවසීය.

 

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් අපේක්ෂකත්වය ලැබීමට නුසුදුසු කරුණුවලට අමතරව අපරාධ චෝදනා එල්ල වූවන්ට පමණක් නාමයෝජනා ලබා නොදීමට තීරණය කර ඇත.

 

මේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට සම්බන්ධ පක්ෂ නායකයන් පසුගිය සතියේදී බැසිල් රාජපක්ෂ හමුවී සාකච්ඡා කර ඇති අතර එම පක්ෂ ඉදිරිපත්වන දිස්ත්‍රික්ක පිළිබඳ සාකච්ඡා කර ඇත. එම තීරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක නායකයන් සමගද සාකච්ඡා කිරීම ආරම්භ කර තිබේ.

 

කෙසේ වෙතත් ඉදිරි මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් යාපනයට හා මඩකළපුවට හැර සියලුම දිස්ත්‍රික්කවලට ඉදිරිපත් වීමට තීරණය කර ඇත. එම දිස්ත්‍රික්කවලටද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ පොදු ලාංඡනයක් යටතේ ඉදිරිපත්වීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

views

664 Views

Comments

arrow-up