තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ලබන 09 වනදා සිට

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ලබන 09 වැනි දා සිට 16 වැනි දා දක්වා සිදු කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරන පරිදි පාර්ලිමේන්තු මහ මැතිවරණ පනතට අනුව එම කටයුතු සිදුවන බවයි.
අදාළ අයැදුම්පත් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත යොමු කරන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය සේවකයින්ට දැනුම් දෙයි. මහ මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දා පැවැත්වීමට නියමිතයි.
නාම යෝජනා කැඳවීම ලබන 12 වැනි දා සිට 19 වැනි දා මධ්‍යහන 12.00 දක්වා සිදු කිරීමට නියමිතයි.
නව පාර්ලිමේන්තුව රැස්වීමේ දිනය මැයි මස 14 වැනි දා ලෙස ද ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
2019 ඡන්ද හිමි නාම ලේඛනය අනුව මෙවර මහ මැතිවරණය පැවැත්වෙයි.
701 Views
Comments