FEB
26
කොළඹ රථ වාහන තදබදය පාලනයට නාවික හා ගුවන් හමුදාත් පැමිණේ

කොළඹ නගර සීමාව තුළ පවතින වාහන තදබදය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාවද යෙදවීමට කටයුතු කර තිබෙනවා.
ජනපති ගේඨාභය රජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයුද හමුදා පොලීසියද ඒ වෙනුවෙන් යෙදවීමට රජය පියවර ගත්තා.
ඊයේ (25දා) දිනයේ සිට නාවික හා ගුවන් හමුදා සාමාජිකයන්ද මේ වෙනුවෙන් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
මෙහිදී කොළඹ නගර සීමාවේ රථවාහන පාලන රාජකාරි කාර්යක්‍ෂමව සිදු කිරීමටත් එමගින් දෛනිකව රථ වාහන තදබදය හේතුවෙන් සිදු වන කාලය අපතේ යෑම සහ වායු දූෂණය වැළැක්වීමත් අපේක්‍ෂා කෙරේ.
628 Views
Comments