පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන වල මිල පහළට

රජය මගින් වැට් බද්ද අඩු කිරීම සහ ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීමේ සහනය පාරිභෝගිකයාට ලබාදීම සඳහා පාන් හැර බනිස් සහ මාලු පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ඒ.ආර් ජයවර්ධන මහතා පවසනවා.
රජයේ මෙම බදු සහන ප්‍රතිපත්තිය හේතුවෙන් බේකරි හිමියන්ට විශාල වශයෙන් සහන සැලසී ඇති බවත් මෙම බදු සහනය හේතුවෙන් කේක් කිලෝවක මිලද රුපියල් 50 කින් අඩුවන බව ඒ මහතා කියාසිටියා.
පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන වල මිල අඩුවීම හේතුවෙන් මෙම සහනය ජනතාවට සලසන ලෙස සියලුම බේකරි නිෂ්පාදකයිගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් කියාසිටියා.
773 Views
Comments