ඊයේ දිනයේදී ප්‍රදේශ 13කින් කොරෝනා රෝගීන් වාර්තා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
18

ඊයේ දිනයේදී ප්‍රදේශ 13කින් කොරෝනා රෝගීන් වාර්තා වෙයි

ඊයේ දිනයේදී ප්‍රදේශ 13කින් කොරෝනා රෝගීන් වාර්තා වෙයි

ඊයේ (17) දිනයේදී මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 115 දෙනා දිවයිනේ ප්‍රදේශ 13කින් වාර්තා වී ඇති බවට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

 

මෙලෙස වාර්තා වූ ආසාදිතයින් අතුරින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වන අතර එය 32ක් වනවා. ඊට අමතරව කටුනායකින් ආසාදිතයින් 30ක්, දිවුලපිටියෙන් 24ක්, බිංගිරිය ප්‍රදේශයෙන් 11ක් සහ ගම්පහ ප්‍රදේශයෙන් 10ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

 

මිට අමතරව මතුගම, රාගම, ගාල්ල, කුලියාපිටිය, නිට්ටඹුව, කොටිකාවත්ත, කරාපිටිය සහ කහතුඩුව ප්‍රදේශයෙන් එක් රෝගියා බැගින් ආසාදිතයින් වාර්තා වී ඇත.

 

views

861 Views

Comments

arrow-up