කොරෝනා අවදානම හේතුවෙන් ගම්පහ ගම් 3ක් හා මන්නාරමේ ගම්මාන දෙකකට සංචාරණ සිමා පනවයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
11

කොරෝනා අවදානම හේතුවෙන් ගම්පහ ගම් 3ක් හා මන්නාරමේ ගම්මාන දෙකකට සංචාරණ සිමා පනවයි

කොරෝනා අවදානම හේතුවෙන් ගම්පහ ගම් 3ක් හා  මන්නාරමේ ගම්මාන දෙකකට සංචාරණ සිමා පනවයි

ගම්පහ දිස්ති‍්‍රක්කයේ අත්තනගල්ල සහ මීරිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02 ට අයත් මාළිගාතැන්න, කුරිකොටුව සහ එළුවාපිටිය යන ගම්මාන හුදෙකලා කර තිබෙනවා.

 

ඒ, එම ගම්මානවලින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් පිරිසක් හ`දුනාගැනීමත් සමග අදාළ ගම්මාන හුදකලා කිරීමට පියවර ගත් බවයි ගම්පහ දිස්ති‍්‍රක් ලේකම් සුනිල් ජයලත් නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

 

ඒ අනුව එම ගම්මානවලට ඇතුළුවීම හෝ පිටවීම තහනම් කර ඇති අතර පිටස්තර පුද්ගලයින්ට පැමිණීමට නොහැකි වන පරිදි මාර්ග බාධක ද යොදා ඇති බව ද ඔහු සඳහන් කළේ.

 

එළුවාපිටිය ප‍්‍රදේශයේ විහාරස්ථානයක හිමිවරුන් සිව්දෙනෙකුට සහ ගිහි පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

 

මන්නාරම් ප‍්‍රදේශයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන ද නැවත දැනුම්දෙනතුරු හුදකලා ගම්මාන කර ඇති බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

 

views

805 Views

Comments

arrow-up