ගෝඨාභයගේ ප්‍රගතිශිලී යෝජනා අයවැය තුළින් ඉදිරිපත් කළොත් සහය දෙනවා
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

ගෝඨාභයගේ ප්‍රගතිශිලී යෝජනා අයවැය තුළින් ඉදිරිපත් කළොත් සහය දෙනවා

ගෝඨාභයගේ ප්‍රගතිශිලී යෝජනා අයවැය තුළින් ඉදිරිපත් කළොත් සහය දෙනවා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු සියලු ප්‍රගතිශීලී යෝජනා ඉදිරි අයවැය තුළදී ඉදිරිපත් කළහොත් ඊට උපරිම සහාය දීමට තමන් සූදානම් යැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.

 

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ, විපක්ෂනායක ධුරයට පත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ මංගල කතාව පවත්වමිනි.

 

"ජනාධිපතිතුමා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ඉදිරිපත් කළ සියලු ප්‍රගතිශීලී යෝජනා අයැවයක් හරහා ඉදිරිපත් කරන්න. එහෙම කළොත් මේ සභාවේ දෙසිය විසිපස් දෙනාගේම සහාය දෙන්න සූදානම්. ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න තුනෙන් දෙකක් එනතුරු බලා ඉන්න අවශ්‍ය නෑ. රට හදනවා නම් ඊට උපරිම සහාය ලබාදෙනවා" යනුවෙන්ද විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියා.

views

737 Views

Comments

arrow-up