කොවිඩ් මල සිරුරූ භූමදානය ගැන රාජ්‍ය ඇමතිනියගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
11

කොවිඩ් මල සිරුරූ භූමදානය ගැන රාජ්‍ය ඇමතිනියගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

කොවිඩ් මල සිරුරූ භූමදානය ගැන රාජ්‍ය ඇමතිනියගෙන් පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශයක්

කොවිඩ් ආසාදිත මළ සිරුරූ භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් පත් කොට ඇති විශේෂඥ කමිටුවේ උපදෙස් අනුව බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර සිටිනවා.

 

සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍යවරිය ගෙන් විමසා සිටියේ කොවිඩ් මළ සිරුරූ භූමදානය කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කිරිම කවදා සිදුකරන්නේද යන්න නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.

 

කොවිඩ් ආසාදනය වී මියයන පුද්ගලයින් ගේ මළ සිරුරූ භූමදානය කිරිමට අවසර ලබා දෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියා.

views

1057 Views

Comments

arrow-up