ලෝක බලවතුන් හමුවේ අප ණයගැතියෙකු බවට පත්කිරීම ගැන දේශපාලකයින් වගකිව යුතුයි -කාදිනල් හිමිපාණන්

73වන නිදහස් දිනය වෙනුවෙන් අද (04) බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේදී කතෝලික දේව මෙහෙය පවත්වමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පවසා සිටියේ නිදහසින් පසු රට ලෝක බලවතුන් හමුවේ ණයගැතියෙකු බවට පත් කර රටේ ජනතාව බේදබින්න කිරීමට එදා මෙදා තුර පාලන බලය හිමිවු දේශපාලකයින් සියළු දෙනා වගකිව යුතුබවයි.
උන්වහන්සේ එහිදී පෙන්වා දුන්නේ රට තුළ පවතින ගැටළු විසඳා ගැනීමට රටේ සෑම පාර්ශ්වයක්ම එක්ව කටයුතු කළයුතු බවය.
"රටේ පොදු සම්පත් ලෝක බලවතුන්ට විකුණා සැප විඳින්නට උත්සහ කරන්නට බැහැ අපට. පසුගිය වසර 20ක 30ක කාලයක සිට මේ දේවල් විකිණීමේ තත්ත්වයකට අපේ රට පත්ව තිබෙනවා. අපට බැරි ආර්ථික ක්‍රම මේ රටට හඳුන්වා දෙන්නට ගිහිල්ලා මේ රට ලෝකයේ නොයෙකුත් රටවල්වල ණය කාරයෙක් බවට පත්කරලා. මේ සෑම දෙයක්ම වෙලා තියෙන්නේ අපේ රටේ නායකයෝ ගමන්කළ වැරැදි මාර්ග නිසයි. ඒ වගේම මේ ලස්සන දිවයිනේ අද දිවයිනවල් කිහිපයක්ම තියෙනවා. එක එක භාෂා කථාකරන අයට වෙන වෙනම කොටස් තියෙනවා. මේ රට ජාතිය, ආගම, භාෂාව යන පදනම මත බෙදිලා ඉවරයි. මේ බෙදීම් ඇතිකළේ අපේම නායකයෝයි."
828 Views
Comments