ලෝකයට කොරෝනා ගෙනාවේ කවු ද?
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

ලෝකයට කොරෝනා ගෙනාවේ කවු ද?

ලෝකයට කොරෝනා ගෙනාවේ කවු ද?

කොරෝනා වෛරසය වගකිව යුත්තෙක් හෝ, හට ගත්තේ කෙසේ දැයි යන්න හෝ කිසිවෙකුට තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි, නමුත් මුළු ලොවම තවදුරටත් ගොදුරු කර ගනිමින් සිටියි.

 

මාරාන්තික කොරෝනා‍ෙ අද වනවිට ලොව පුරා බිලිගෙන ඇති මිනිස් ජීවිත සංඛ්‍යාව 14600 කට අධික ය.

 

වෛරසයට නිසි ප්‍රතිකාරයක් මෙතෙක් සොයා නොගත්ත ද ලොව බලවතුන් දෙදෙනෙකු වන අමෙරිකාව සහ චීනය අද වනවිට කොරෝනා පැතිරවීම සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා ගනිමින් සිටී.

 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා, ‘චීන වෛරසය’ ලෙසට සිය ට්විටර් ගිණුමේ තැබූ සටහනක් සම්බන්ධයෙන්  චීනය  ආවේගශීලි ලෙස ප්‍රතිචාර දක්වා තිබේ.

 

චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙන්වා දී ඇත්තේ, සිය රට  අපකීර්තියට ලක් කිරීමට පෙර අමෙරිකාව තම රටේ කටයුතු  පිළිබඳව සැලකිල්ලට ගත යුතුව ඇති බවයි.

 

අමෙරිකාවේ මෙම ප්‍රකාශ තුළින් චීනය අපකීර්තියට ලක් වන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇත.

 

වැරැද්ද නිවැරදි කරන ලෙස චීනය අමෙරිකාවට බල කර සිටින බවත්  තම රටට එරෙහිව නගන අභූත චෝදනා හා දෝෂාරෝපණයන් වහාම නතර කරන ලෙසද ඔහු ඉල්ලා සිටියි.

 

චීනයේ ශිංහුවා පුවත් සේවයට අදහස් දක්වමින් අදාළ ප්‍රකාශකයා පෙන්වා දෙන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ භාෂාව හා ප්‍රකාශ ජාතිවාදී හා විදේශිකයින් නුරුස්සන සුළු බව යි.

 

කෙසේ වෙතත් අමෙරිකානු පරිපාලන නිලධාරීන් කිහිප දෙනෙකුම කොරෝනා “චීන වෛරසය” ලෙස හඳුන්වා දී ඇති අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පේ මෙම වෛරසය ‘වූහාන් වෛරසය’ ලෙස හඳුන්වා දී තිබේ.

 

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය දෙරටටම දැඩිව අවවාද කර ඇත්තේ, වෛරසය කිසියම් ප්‍රදේශයකට හෝ කණ්ඩායමකට ගොනු කිරීම නවතන ලෙසයි.

 

කෙසේ වෙතත් පසුගිය සතියේ චීන විදේශ කටුයුතු ආමාත්‍යංශ නිලධාරියෙකු චෝදනා කර සිටියේ, කුමන්ත්‍රණකාරි ලෙස අ‌මෙරිකානු හමුදාව විසින් කොරෝනා වෛරසය වූහාන් ප්‍රාන්තයට පැතිරවූ බවයි.

 

එම අවස්ථාවේ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊට ප්‍රතිචාර දක්වමින් චීනයෙන් ඉල්ලා සිටියේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම වහාම නවතා දමන ලෙසයි.

 

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ලොව පළමු කොරෝනා ආසාදිතයා නිළ වශයෙන් චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන් වාර්තා විය.

 

අ‌මෙරිකාවෙන් ද කොරෝනා රෝගීන් 34700 කට අධික පිරිසක් වාර්තා වීම හා අද වනවිට 452 දෙනෙකු මියගොස් සිටීම  හේතුවෙන්, මේවනවිට අමරිකාව ද කොරා්නා රෝගය හේතුවෙන්, තැති ගැන්මට ලක්ව සිටියි.

 

මේ වනවිට චීනය වෛරසය පැතිරී යාම ඉතා සාර්ථකව පාලනය කරමින් සිටිය ද බටහිර වර්ජිනියා ප්‍රාන්තයෙන් පළමු ආසාදිතයා පසුගිය අඟහරුවාදා (17) වාර්තා වීමත් සමග අමෙරිකාවේ ප්‍රාන්ත 50 පුරාම මේ වනවිට වෛරසය පැතිර ගොස් තිබේ.

 

ලෝකය පුරා කෝරෝනා ආසාදිතයින් ලක්ෂ 3 ඉක්මවා ඇති අතර ඉන් 80,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තාවූයේ, චීනයෙනි.

 

කොරෝනා කවුරුන් කෙසේ ලෝකයට රැගෙන ආවා ද? යන්න කිසිවෙකු නොදන්නා නමුත් මේ වනවිට ලොව පුරා තුන්ලක්ෂයකට අධික පිරිසක් රෝගීන් කර මිනිස් ජීවිත 14600ක් බිලිගෙන අවසන් ය.

views

768 Views

Comments

arrow-up