රෝහිතගේ මාමණ්ඩිට ලක්ෂ 20 යි - ටොම් මූඩිට ඩොලර් 30000 යි - එත් චමින්ද වාස්ට ඩොලර් 200 ක් බෑ - එස්.එම්. මරික්කාර්

ක්‍රීඩා ඇමතිගේ මල්ලිගේ මාමණ්ඩිට ලක්ෂ 20 කුත් ,ටොම් මූඩිට ඩොලර් 30000 ක් ගෙවන්න පුළුවන් ක්‍රිකට් ආයතනයට, අපේ රටේ ඉපදීලා ක්‍රීඩා කරලා ලෝක කුසලාන ගන්න කැපවුණු චමින්ද වාස්ට ඩොලර් 200 ක් ගෙවන්න මේ අයට සල්ලි නැහැ යැයි සමගි ජන බලවේග මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් .මරික්කාර් මහතා පවසනවා .
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ ,පසුගිය සතියේ පාර්ලිමේන්තු වේ මම චමින්ද වාස්ට දීමනාවක් විදියට ඩොලර් 200 ක් නොගෙවීම පිලිබදව අහුවා.
එහිදී ක්‍රීඩා ඇමති පර්ඩියම් කියලා එක්ක නැහැ කිව්වා.
එය නොදන්න ක්‍රීඩා ඇමති කෙනෙක් තමයි අපිට ඉන්නේ දැන් ක්‍රීඩා ඇමතිගේ මල්ලිගේ මාමණ්ඩිය තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකරු ඔහුගේ වැටුප හෙලි කර යුතුයි.
අපිට ආරංචි විදියට ලක්ෂ 20ක්. ක්‍රීඩකයන්ගේ පාලනය තියෙන්නේ කළමනාකරුට ඔහු ලක්ෂ 20ක පඩියක් අරන් මෙය පාලනය කරන්නේ නැත්නම් ඔහුට දඩුවම් දෙනවාද .සංචාරයකට පෙර ක්‍රීඩා ඇමති අනුමැතිය ලබා දිය යුතුයි එහිදී කවුද නිර්දේශ කරේ මේ කණ්ඩායම යන්න ඕන කියලා එසෙනම් මේ නායකයාට යන්න බැරි වීම ගැන ඇමති වගකීම භාරගත යුතුයි.
මොකද තරගාවලිය පැරදුණෝත් වගකියන්නේ කවුද ගැටලුවක් වෙනවා.
චමින්ද වාස් අපේ රටේ ඉපදීලා ක්‍රීඩා කරලා ලෝක කුසලාන ගන්න කැපවුණු කෙනෙක් එතුමාට ඩොලර් 200ක් ගෙවන්න මේ අයට සල්ලි නැහැ.
හැබැයි ඊයේ මාධ්‍ය වාර්තා කරල තියෙනවා ටොම් මූඩි මහතා අධ්‍යක්ෂ විදියට පත් කරන්න යන බව ඔහුට මාසික පඩිය ඩොලර් 30000 යි එය අවුරුදු තුනක කොන්ත්‍රාත් එකක් අවුරුද්දකට වැඩ කරන්නේ දින 100යි.
ඔහුගේ රාජකාරිය දේශිය ක්‍රිකට් දියුණු කිරීම ඉදිරි සංචාර සංවිධාන කිරීම ක්‍රීඩකයන්ගේ මානසිකත්වය හා අධ්‍යාත්මික තාවය සැදීමයි.
සුද්දෙක්ට ඩොලර් 30000 ක් දෙන්න පුලුවන් අපේ රටේ චමින්ද වාස්ට ඩොලර් 200 ක් දෙන්න තමයි බැරි මේකේ කම්බ හොරු ටිකක් ඉන්නවා.
අපේ ක්‍රීඩකයෙකු ඕස්ට්‍රේලියාවේ රියදුරු රැකියාව කරනවා ඒ රටේ ටොම් මූඩිලා ගෙන්නලා ඩොලර් 30000 ක් දෙනවා.
අපේ රටේ ක්‍රිකට් වලට අඹ සරණයි යයි .එස්.එම් .මරික්කාර් මහතා පවසනවා.
1893 Views
Comments