බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන් හමුවීමට අවස්ථාව

කොරෝනා වෛරසය ව්‍යප්ත වීම නිසා තාවකාලිකව නවතා දමා තිබු බන්ධනාගාරගත රැඳවියන්ට සිය ඥාතීන් හමුවීමේ අවස්ථාව යළි ලබන 01වැනිදා සිට ලබා දීමට අවධානය යොමුව තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවයි.
සිරකරුවන්ට සිය ඥාතීන්ට හමුවිය හැකි වන්නේ මාසයකට එක් දිනක් පමණක් බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රැඳවියන් බැලීමට පැමිණෙන ඥාතීන් කිසිදු අවස්ථාවක ආහාර රැගෙන ඒමේ අවස්ථාවක් නොමැති අතර, රැඳවින්ට ඇඳුම් පමණක් ලබා දීමට අවස්ථාව සැලසීමට තීරණය කර ඇති බවයි.
718 Views
Comments