කෝවිඩ් වලින් මියගිය දින 20ක ළදරුවා ආදාහනය එරෙහිව ගොනු කළ පෙත්ස මසලකා බැලීම මාර්තු 29
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

කෝවිඩ් වලින් මියගිය දින 20ක ළදරුවා ආදාහනය එරෙහිව ගොනු කළ පෙත්ස මසලකා බැලීම මාර්තු 29

කෝවිඩ් වලින් මියගිය දින 20ක ළදරුවා ආදාහනය එරෙහිව  ගොනු කළ පෙත්ස මසලකා බැලීම මාර්තු  29

කෝවිඩ්-19 වෛරසය ආසාදනයෙන් මියගිය දින 20ක් වයසැති ළදරුවා ආදාහනය කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මාර්තු මස 29 වෙනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.

 

මෙම පෙත්සම අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී විනිසුරු දිලීප් නවාස් මහතා පුද්ගලික හේතුවක් මත පෙත්සම විභාග කිරීමෙන් වැළැකී සිටින බව දැනුම් දෙනු ලැබුවා.

 

මෙම පෙත්සම විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මීළඟ දින සලකා බැලීමට නියමිතය.

 

පෙත්සම්කරුවන් (දෙමව්පියන්) මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆාහිම් සහ ෆාතිනා ෂෆ්නාස් ගොනු කළ මෙම පෙත්සමෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, රිජ්වේ ආර්යාව රෝහලේ අධ්‍යක්ෂ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, අමාත්‍යාංශ ලේකම් ඇතුළු තවත් කිහිප දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

 

 

views

600 Views

Comments

arrow-up