රත්නපුර නගරය කොරෝනා අධි අවදානම් මට්ටමක
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

රත්නපුර නගරය කොරෝනා අධි අවදානම් මට්ටමක

රත්නපුර නගරය කොරෝනා අධි අවදානම් මට්ටමක

රත්නපුර නගරය කොරෝනා වසංගත තත්වය පැතිර යාම හේතුවෙන් අධි අවදානම් මට්ටමකට පත්ව ඇති බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසනවා

 

ඊයේ (17) පස්වරුවේ රැස් වූ කොරෝනා වෛරස් මර්ධන රත්නපුර දිස්ත්‍රික් කාර්යය සාධන බලකා කමිටුවේදී මෙම තීරණ ගැන සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා දැනුම් දුන්නේය.

 

ඒ හේතුවෙන් රත්නපුර නගරයේ පාසල් තුනක් තාවකාලිකව වසා දැමිමට තීරණය කර අතර සිකුරාදා (18) දිනයේ නගරයේ සියලුම මුස්ලිම් පල්ලි වසා දැමමටද තීරණය කර තිබෙනවා

 

සියලූ මැණික් ව්‍යාපාරිකයන් අඹ ගහයට, ඔරලෝසු කණුව, දෙමුවාවත යන ප්‍රදේශ තම ව්‍යාපාර සදහා භාවිතා නොකරන ලෙස කමිටුව දැනුම් දෙන අතර ඒ සදහා රත්නපුර සීවලී ක්‍රීඩාංගණය භාවිතා කරන ලෙස දැනුම් දෙනු ලැබේ.

 

රත්නපුර කුඩුගල්වත්ත ප්‍රදේශයේ අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන ලද 20 දෙනෙකුගෙන් 07 කුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සදහන් කළ ආණ්ඩුකාරවරයා පැවසූයේ මෙහි ඇති අවදානම මොවුන් සියලු දෙනා අහඹු ලෙස තෝරා ගත් අයවළුන් වීම බවය.

 

පවතින අවදානම් තත්වය පහව යන තෙක් රත්නපුර නගරය ආශ්‍රිතව සංචරණ සීමා කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් රත්නපුර ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

 

views

581 Views

Comments

arrow-up