මරණයෙන් කෙළවර වූ මිතුරු ආරවුල
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

මරණයෙන් කෙළවර වූ මිතුරු ආරවුල

මරණයෙන් කෙළවර වූ මිතුරු ආරවුල

හෝකන්දර හොරහේන ප්‍රදේශයේ නිවසක් තුළ දී තරුණයෙකුට පහරදී ඝාතනය කර තිබේ.

 

ඊයේ (15) රාත්‍රී 7.30ට පමණ එම අනතුර සිදුව ඇත.

 

පුද්ගලයකු විසින් අදාළ තරුණයාට පොලු පහරක් එල්ල කිරීම හේතුවෙන් අතුරුගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එලෙස මියගොස් තිබේ.

 

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වූ හෝකන්දර, හොරහේන පාර ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහකයෙකි.

 

පහර දුන් පුද්ගලයාද අද (16) උදෑසන අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පහර දුන් පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත වී සිට දින 10කට පෙර නිදහස් වී ආ පුද්ගලයෙකු බව අතුරුගිරිය පොලීසිය සඳහන් කළේය.

 

මොවුන් දෙදෙනා මිතුරන් වන අතර, දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුවී ඇති බවට පොලීසිය සැක පළ කරයි.

views

209 Views

Comments

arrow-up