නව ආසාදිතයන් 2849 ක්, මරණ 1441 දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

නව ආසාදිතයන් 2849 ක්, මරණ 1441 දක්වා ඉහළට

නව ආසාදිතයන් 2849 ක්, මරණ 1441 දක්වා ඉහළට

ඊයේ (30) දිනය තුළ දී පමණක් මෙරටින් කො විඩ් 19 ආසාදිත පුද්ගලයන් 2849 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ සමගම මෙරට තුලදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 183 387 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

එමෙන්ම ඊයේ දිනයේ දී නව කො විඩ් මරණ 36ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අතුරින් ඊයේ දිනයේ දී සිදු වී ඇත්තේ කො විඩ් මරණ 07ක් පමණයි.

 

ඉතිරි මරණ 29, මැයි මස 12 සිට මැයි 29 දක්වා කාල සීමාව තුළ සිදු වූ මරණ බව තහවුරු කර තිබෙනවා.

 

ඒ අනුව මේ දක්වා මෙරටින් කො විඩ් 19 ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව 1441ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 

 

views

935 Views

Comments

arrow-up