සංගීත ශිල්පියාගේ බෙරයෙන් ලක්ෂ 400ක මත්කුඩු එළියට පනී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

සංගීත ශිල්පියාගේ බෙරයෙන් ලක්ෂ 400ක මත්කුඩු එළියට පනී

සංගීත ශිල්පියාගේ බෙරයෙන් ලක්ෂ 400ක මත්කුඩු එළියට පනී

කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසක් වටලා රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සංගීත ශිල්පියකු අත්අඩංගුවට ගැනීමට ආදුරුප්පුවීදිය පොලිසිය සමත් වී ඇත.

 

සැකකරු සමග හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 372 ක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ගෑම් 558 පොලිසිය මගින් සොයාගෙන ඇත.

 

ආදුරුප්පු වීදිය පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් නිවස වටලා සිදුකළ සෝදිසියේදී වාදන භාණ්ඩ අතර තිබූ බෙරයක ඉතා සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබූ බව පොලිසිය කියයි.

 

පැදුරු සාජ්ජ පැවැත්වීම, වාදන භාණ්ඩ කුලියට ලබාදීම ආදිය සිදුකරන මුවාවෙන් සැකකරු කාලයක සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

views

260 Views

Comments

arrow-up