සෑම තත්පරයක්ම වටිනවා - කාලය බිලි ගත් කදුලු කතාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

සෑම තත්පරයක්ම වටිනවා - කාලය බිලි ගත් කදුලු කතාවක්

සෑම තත්පරයක්ම වටිනවා - කාලය බිලි ගත් කදුලු කතාවක්

2021/05/23,වෙලාව පාන්දර 3.29


දෙපාරක් වගේ ෆෝන් එක රිංග් වෙද්දිම නැගිට්ටුනා බලද්දි නිශාන්ත අයියගෙන් කෝල් එක.answer කරා.


"මල්ලි හෝම් විසිට් එකක් තියෙනවා. Covid positive patient. Nebulize එකක් දාල එන්න. මම දවල් drugs යැව්වා. පොඩ්ඩක් බලන්න condition එක කොහොමද කියලා."


හරි අයියේ මං යන්නම්.


"මල්ලි අක්ශාන් එක්ක යන්න පුලුවන්ද නැත්තං ඉරේශාව ගෙන්නන්නද?"


නෑ අයියේ මං අක්ශාන් එක්ක වැඩේ කරන්නම්.


"හරි මල්ලි බලලා මොකද වෙන්නෙ කියලා මට කියන්න"


 Phone එක තියලා ඉක්මන්ට ඇඳගෙන හොස්පිටල් එකට ගියා. ගිහිං බලද්දි boots නෑ.ඔක්කොම ambulance එකේ.මේ රෑ ඒක ගන්න විදියක් නෑ. PPE කිට් විතරයි තියෙන්නෙ. ආයේ ගත්තා කෝල් එකක් යුරේශ් අයියට.විස්තරේ කීවාම "හරි මල්ලි එහෙනම් උදේ 6 ට ලෑස්ති වෙලා ඉන්න.සුගත් එයි බඩු ඔක්කොම අරගෙන වෑන් එකේ"


උදේ 6.30 වෙද්දි patient visit එක දැම්මා. අවුරුදු 58 ක තරබාරු මහත්තයෙක්. Diabetic,Heart disease වලට බෙහෙත් ගන්නවා.ඊයෙ තමා rapid antigen එක positive වෙලා තියෙන්නෙ.වයස 89 එයාගෙ අම්මයි නෝනයි ගියපාර A/L කරපු පුතයි විතරයි ගෙදර ඉන්නෙ. Patient ට ටිකක් අමාරුයි.හුස්ම ගැනීමේ අපහසුතාවයක් තියෙනවා හතිය වගේ. ඔක්සිජන් saturation එක බලද්දි 65%. Nebulize එකක් දැම්මා. Nebulize කරනකං 95 වල තියෙනවා ගලවපු ගමං 65 ට drop වෙනවා. එවලෙම patient ව admit කරන්න උපදෙස් දුන්නා.කරන විදිය ගියාම මොකද වෙන්නෙ හැමදේම විස්තර ඇතුව කිව්වා. නෝනා කියනවා "මෙයා බයයි ඩොක්ටර් හොස්පිටල් යන්න.මේ ඉස්සරහ ගෙදර දෙන්න පෙරේදා මැරුනා කොවිඩ් නිසා.අපිට බැරි වෙයිද ප්‍රයිවට් නවත්තන්න?"


මේකයි බය වෙන්න එපා.එයාල මැරුනා කියලා මෙයාට එහෙම වෙන්නෙ නෑ.අනික මේ වෙලාවේ හොඳම දේ රජයේ එක්කට යන එක. ඔයාලා 1990 කතා කරලා ඉක්මන්ට ගෙනියන්න තත්වේ නරක අතට හැරෙන්න කලිං. වෙන හැමදෙයක්ම අපිට කතා කරලා දැනුවත් කරන්න. ඕනෙ වෙලාවක අපි ඉන්නවා ඇවිල්ලා බලන්න.


"හරි ඩොක්ටර්.බොහොම පිං ආවට" කියලා අත් දෙක එකතු කරලා ඈත ඉඳංම නෝන කිව්වා.
පුතා ඔයා තාත්තා එක්කම යන්න අනිවාරෙන්.එතකොට එයාට බය වෙන්න දෙයක් නෑ. පුතාටත් උපදෙස් දීලා තදින්ම දෙවැනි වතාවටත් admit කරන්න කියලා අපි PPE එතනම dispose කරලා ආවා.


ආයෙ හවස 4.27 ට කෝල් එකක් එනවා යුරේශ් අයියගෙන්."මල්ලි අර patient ට ආයෙ nebulize කරන්න ඕනෙලු.ටිකක් අමාරුයි කියනවා."


මොකක්? අයියේ එයා admit වෙලා නැද්ද? Saturation තිබ්බෙත් 65%.
"කීයද? 65? ඒකනෙ මල්ලි මෙයලා admit කරලා නෑනෙ"


හරි අයියේ මං දැංම යන්නම්. ආයෙත් PPE කිට් ටිකත් අරං ගෙදර ගාවට යනකොට 1990 ඇවිල්ලා තිබ්බා. අපේ අනිත් unit එකත් වෑන් එකේ එතන්ට ගිහිං ඒ වෙනකොටත්. Nebulize පටං අරං තිබ්බා.


Dr.දුමින්ද එත්න දාඩිය නාගෙන ඉන්නවා."වැඩක් නෑ මචං saturation 32 වලට drop"


මං කිව්වා මචං උදේම admit කරන්න කියලා. කොහෙද මේ මිනිස්සු ඒක කරල නෑනෙ. වෙලාවට දැං හරි 1990 ට කියල තියෙන්නෙ.


එතන වැඩ ඉවර වෙලා room එකට ඇවිත් wash එකක් දාගෙන හවස shift ගියා.7.20 වගේ ඉරේශා කියනවා "ඩොක්ටර් දැං කෝල් එකක් ආවා අර patient නැති උනා කියලා"


මගෙ ඔලුවේ අත ගැස්සුනා..


මැරෙන්න හිටපු මනුස්සයෙක් නෙවෙයි ඒ.. නිවැරදි වෙලාවට නිවැරැදි තීරණය නොගත්ත නිසා අහිමි උන ජීවිතයක්..


"අනේ ඩොක්ටර් අපේ මහත්තයා බයයි හොස්පිටල් යන්න.මෙයාට මොනවා හරි උනොත් පුතයි මායි දන්නෙත් නෑ මොකුත් කරගන්න.ඔක්කොම අපේ කරන්නෙ මහත්තයනෙ.මම එහේ මෙහේ ගිහිං කිසිම දෙයක් කරගන්න දන්නෙත් නෑ.."


ඉතුරු ජීවිත දෙකට ඉස්සරහට මොනවගේ දේවල් වලට මූණ දෙන්න වෙයිද දැං?

 

Every second matters
සෑම තත්පරයක්ම වටිනවා

 

~S.S. (True Story)

views

14928 Views

Comments

arrow-up