මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුලු 10 කට එල්.ටී.ටී.ඊ සැමරුම් තහනම් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුලු 10 කට එල්.ටී.ටී.ඊ සැමරුම් තහනම් කරයි

මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුලු 10 කට එල්.ටී.ටී.ඊ සැමරුම් තහනම් කරයි

දෙමළ ජනතා මහජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාජා ගජේන්ද්‍රන් යන මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළු තවත් පුද්ගලයින් 10 දෙනෙකුට යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සැමරීම වළක්වාලමින් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය අද (18) දිනයේදී තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

 

ඒ වව්නියාව පොලිස් මූලස්ථානය විසින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සළකා බැලීමෙන් අනතුරුවයි. මේ අතර යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරීම වළක්වාලමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 14 වනදා පුද්ගලයින් 27 දෙනෙකුට ලබාදී තිබූ අධිකරණ නියෝගය සංශෝධනයට ලක් කර තිබෙනවා.

 

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ අද දිනයේ දී අදාළ සැමරුම් උත්සව සංවිධානය කිරීමට සූදානම්ව තිබෙන බව මුලතිව් පොලිසිය විසින් පසුගිය 14 වනදා අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුවයි එම තහනම පනවා තිබුණේ.

 

කෙසේ වෙතත් අදාළ පුද්ගලයන් 27 දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමෙන් පසුව මෙම තහනම් නියෝගය සංශෝධනය කරමින් කොන්දේසි දෙකක් මත සැමරුම් පැවැත්වීමට අවසර ලබාදී තිබෙනවා.

 

ඒ අනුව කොරෝනා වසංගතය හමුවේ පනවා ඇති නිරෝධායන නීති ආරක්ෂා කිරීමත්, ත්‍රස්තවාදී හැඟීම් යළි මතු නොවන ආකාරයට කටයුතු නොකිරීමත් යන කොන්දේසි මත එම සැමරුම් පැවැත්වීමට අවසර ලබාදී තිබෙනවා.

 

කෙසේ නමුත් පසුගියදා දෙමළ ජාතික පක්ෂයේ ලේකම් හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් මුල්ලිවයික්කාල් ප්‍රදේශයට ගොස් යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සැමරීමට කටයුතු කර තිබුණා.

 

කෙසේ නමුත් යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සිහිකර මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සැමරුම් පැවැත්වීම තහනම් කරමින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය පුද්ගලයින් 26 දෙනකුට එරෙහිව ඊයේ දිනයේදී තහනම් නියෝගයක් ද ලබා දී තිබුණා.

views

1121 Views

Comments

arrow-up