පළාත් අතර සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට

දිවයිනේ සියලු පළාත් අතර අන්තර් පළාත් සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට මැයි 30 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා පනවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
කෙසේ නමුත් අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම සංචරණ සීමා බල නොපැවැත්වෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළා.
රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා ඊයේ (10) දිනයේදී පළාත් අතර සංචාරණ සීමා පනවන ලෙස නියෝග කර තිබුණා.
එවන් පසුබිමක් තුලයි මෙසේ අද රාත්‍රියේ සිට සංචරණ සීමා පනවන්නේ.
ඒ අනුව අද රාත්‍රී 12.00න් පසුව සියළු පළාත් අතර සංචරණ සීමා පනවන අතර පිරිස් එක් රැස්වන කුඩා මට්ටමින් හෝ සංවිධානය කරන සියලු ප්‍රිය සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමටත්, ආසාදිතයින් බහුලව හමුවන ප්‍රදේශ ක්ෂණිකව හුදෙකලා කිරීමටත්, වෙළඳ ආයතන තුළට ඇතුළු වන හා ඒ තුළ රැඳී සිටින පුද්ගලයින් සංඛ්‍යාව සීමා කිරීමටත් ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා.
959 Views
Comments