AstraZeneca දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ගත හැකිද ? (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
11

AstraZeneca දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ගත හැකිද ? (VIDEO)

AstraZeneca දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ගත හැකිද ? (VIDEO)

මෙරට Covid 19 වෛරසය සඳහා එන්නත්කරණයේදී ඉන්දියාවෙන් ලැබුණු ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පිරිසට එහි දෙවන මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් ලබා ගැනීම ගැටලුවක් නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

 

අද උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ.

 

ඒ අනුව ඉදිරියේ දී ඉන්දුනීසියාව සහ අප්‍රිකානු රටවල ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නත්වල අතිරික්ත ප්‍රමාණය මෙරටට ගෙන්වා ගැනීමට මේ වන විට සාකච්ඡා කරන බවත් ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා නිෂ්පාදනය කරන රටකින් හෝ දැනට මිලදී ගෙන ඇති රටකින් මෙරටට අවශ්‍ය ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවත් උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂඥ වෛද්යවරුන් ගනු ලබන තීරණයකට අනුව රජය කටයුතු කිරීමට සූදානම් බවද ඔහු ප්‍රකාශ කළා.

 

 

views

1022 Views

Comments

arrow-up