හෝටලයක සිටි රුසියානු ජාතිකයාට කොරෝනා..හෝටල් සේවකයන් ගෙදරත් ගිහින්

මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (23) දිනයේදී සිදුකළ පී.සී.ආර්.පරික්ෂණයක දී හෙලි වී තිබෙනවා.
මෙම පුද්ගලයා ඇතුළු රුසියානු ජාතිකයින් 15 දෙනෙකු ඉකුත් අගෝස්තු මස 13 වැනිදා සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටුපොලෙන් මෙරටට පැමිණ අදාල හෝටලයේ නැවතී සිට ඇති බව සඳහන්.
ඔවුන් අද (24) දිනයේදී මෙරටින් පිටත්ව යාමට නියමිතව සිට ඇති අතර ඊට පෙර මාතර නගරයේ පුද්ගලික රෝහලකින් පී.සී.ආර්.පරීක්ෂණය සිදු කර ගෙනතිබෙනවා.
එහිදී එක් රුසියානු ජාතිකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති අතර අනෙක් පුද්ගලයින් 14 දෙනා හට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී තිබුණා.
කෙසේ වුවත් මෙම රුසියානු ජාතිකයින් කණ්ඩායමේ සිව් දෙනෙකු මාතර සුපිරි වෙලද සැලකට ද ඊයේ ත්‍රීරෝද රථයකින් පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
නව කොරෝනා වෛරසය ආසාදනය වූ රුසියානු ජාතිකයා හම්බන්තොට රෝහල වෙත යොමු කොට ඇති බවත් ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයේ කාර්ය මණ්ඩලයේ 23 දෙනා සිය ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් හබරාදුව ප්‍රදේශයේ පිහිටි නීරෝධායන මධ්‍යස්ථානයකට යොමු කොට ඇති බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කලේ.
මෙම රුසියානු ජාතිකයින් නවාතැන් ගෙන සිටි සංචාරක හෝටලයේ කාර්ය මණ්ඩලයේ ඇතැම් සේවකයින් නිවෙස් වෙත ගොස් සිට ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද තොරතුරු රැස් කරමින් සිටින බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර සිටියේ.
1012 Views
Comments