බස් මංතීරුවේ යතුරුපැදි අනතුරක් වූවොත් නි.පොලිස්පති වග කියන්න ඕන
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
17

බස් මංතීරුවේ යතුරුපැදි අනතුරක් වූවොත් නි.පොලිස්පති වග කියන්න ඕන

බස් මංතීරුවේ යතුරුපැදි අනතුරක් වූවොත් නි.පොලිස්පති වග කියන්න ඕන

බස් ප්‍රමුඛතා මංතීරු තුළ යතුරුපැදි අනතුරක් සිදුවුවහොත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊට වගකිව යුතු බවත්, ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

 

තවද මෝටර් වාහන පනත ප්‍රකාරව මංතීරු නීතිය යනු යතුරුපැදි, බස් ප්‍රමුඛතා මංතීරුවේ පමණක් ගමන් කරවීම නොවේ.

 

මෙවැනි පසුබිමක ගැසට් නිවේදන මගින් හෝ නීතියක් ලෙස ප්‍රකාශයට පත් නොකර බස් ප්‍රමුඛතා මන්ත්‍රීරු තුළ පෙරහුරුවක්, පරීක්ෂණයක් හෝ අන් කවර හේතුවක් සඳහා විනාඩියකට හෝ යතුරුපැදි ධාවනයට බල කිරීම තමාගේ ජීවිතය ඇතුළු යතුරුපැදිකරුවන් හා ඒ මත ගමන් ගන්නා අනෙකුත් පුද්ගලයන්ගේ ජීවිත ලක්ෂ සංඛ්‍යාවක් සාපරාධී ලෙස ජීවිත අවදානමකට පත් කිරීමක්, සාපරාධී ලෙස දැන දැන මහමග මරා දැමීමට තැත් කිරීමක් සහ සාපරාධීව නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමක් බව හෙතෙම පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා ඇත.

 

views

894 Views

Comments

arrow-up