උද්ධමනය ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

උද්ධමනය ඉහලට

උද්ධමනය ඉහලට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 ජූනි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.

 

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024  ජූනි මාසය සඳහා 1.7%ක් දක්වා වැඩි වී ඇත. එය 2024 මැයි මාසය සඳහා 0.9%ක් ලෙස වාර්තා වී තිබුණි.

 

2024  ජූනි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය1.4% දක්වා වැඩි වී ඇති අතර  2024 මැයි මාසයේ දී එය වාර්තා වුයේ 0.0 %ක් ලෙසය.

 

එමෙන්ම, 2024 ජූනි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 1.8%ක් දක්වා වැඩි වී ඇති අතර එය 2024 මැයි මාසයේ දී 1.3%ක් ලෙස වාර්තා වුණි.

views

198 Views

Comments

arrow-up