අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීමට රජය සුදානමින්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීමට රජය සුදානමින්

අඩු ආදායම් ලාභීන්ට සහන සැලසීමට රජය සුදානමින්

කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව, තවදුරටත් ආසාදිතයින් වාර්තා වීමත් සමඟ මෙම තත්ත්වය අඛණ්ඩව පැවතුණහොත් ඔවුන්ට දීමනා ලබාදීම ඇතුළු පහසුකම් සැලසීමට අදාළ පියවර ගන්නා බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පැවසුවේය.

මේ වන විට සමෘද්ධි නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මාර්ගයෙන් අදාළ තොරතුරු ලබා ගනිමින් ඔවුන්ට සහන සැලසීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බව සඳහන් වේ.

 

views

909 Views

Comments

arrow-up