MAY
07
“ජනපතිවරණය මිස වෙන මැතිවරණ නෑ” - ඇමති ප්‍රසන්න

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
නමුත් විපක්ෂය පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට රජයට බලකරමින් මේ මොහොතේදී රජයේ සංවර්ධන කටයුතු පිළිබඳවත් රටට වැරදි මතයක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කීය.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
208 Views
Comments