නගර වසා දැමිමෙන් අනාගත ජනගහනයේ ඇතිවන තත්ත්වයක් ගැන නවතම වාර්තාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

නගර වසා දැමිමෙන් අනාගත ජනගහනයේ ඇතිවන තත්ත්වයක් ගැන නවතම වාර්තාවක්

නගර වසා දැමිමෙන් අනාගත ජනගහනයේ ඇතිවන තත්ත්වයක් ගැන නවතම වාර්තාවක්

කොරෝනා වසංගතය හේතුවෙන් ලොව රටවල් රැසක් සීමාවන් පැනවීම හේතුවෙන් ඉදිරි මාස වලදී අනපේක්ෂිත ගැබ් ගැනීම් මිලියන 07 කින් ඉහල යා හැකි බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වාර්තාවක් නිකුත් කරමින් කියා සිටිනවා.



එම සංවිධානය සඳහන් කරන්නේ ලොව රටවල් අඛණ්ඩව අගුලු දැමීම හේතුවෙන් සෞඛ්‍ය සේවාවන්ටද දැඩි බලපෑමක් එල්ලවන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.



නිසි පවුල් සැලසුම් නොමැතිකම මත සිදුවන අනපේක්ෂිත ගැබ් ගැනීම්, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් වූ ප්‍රචන්ඩත්වය සහ වෙනත් හානිකර ක්‍රියාවන්ට මුහුණ දෙන තරුණියන් සහ කාන්තාවන් සංඛ්‍යාව මිලියන ගණනක් වන බවයි එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා වෛද්‍ය නටාලියා කෙනම් ප්‍රකාශ කර සිටින්නේ.



එමෙන්ම මෙම තත්ත්වය හමුවේ ඉදිරි දශකය තුලදී තවත් ළමා විවාහ මිලියන 13ක් පමණ සිදුවෙනු ඇති බවත් එය වලක්වා ගැනීමට පියවර ගත යුතු බවයි එම වාර්තා වේ දැක්වෙන්නේ.

views

830 Views

Comments

arrow-up