උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් විකල්ප දෙකක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් විකල්ප දෙකක්

උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් විකල්ප දෙකක්

දෙවන අධ්‍යන වාරය සඳහා පාසල් ආරම්භ කිරීමට විකල්ප දිනයක් තවමත් තීරණය කර නැතැයි රජය පවසනවා. සමාජ මාධ්‍යයේ හුවමාරු වන ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ දෙවන අධ්‍යන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම ජුනි 16 වැනිදා දක්වා කල් දමා තිබෙන බවයි.

 

එහෙත් එම වාර්තා සත්‍ය නොවන බව  ඒ පිළිබඳ කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවා.

 

මැයි මස 11 වැනිදා දෙවන අධ්‍යයන වාරය සඳහා පාසල් ආරම්භ කරන බවයි රජය මීට පෙර පැවසුවේ. කෙසේ වෙතත් එදින පාසල් ආරම්භ කිරීමට නොහැකිවනු ඇතැයි දරු දැරියන් ඇසූ ප‍්‍රශ්නාවලියකට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02) කියා සිටියා.

 

අගෝස්තු මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පිළිබඳවද දරු දැරියන් අග‍්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් විකල්ප දෙකක් ඉදිරිපත් වී තිබෙන බවයි. උසස් පෙළ විභාගය කල් දැමීම එක් විකල්පයක් වනවා. ආවරණය කර ඇති විෂය කොටස්වලින් පමණක් ප‍්‍රශ්ණ සකස් කර විභාගය පැවැත්වීම දෙවන විකල්පයයි.

 

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය තවම ගෙන නැතැයිද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

views

779 Views

Comments

arrow-up