මත්ද්‍රව්‍ය කිලෝ 260ක් සහ යාත්‍රා 3ක් සමග ශ්‍රී ලාංකිකයින් 12ක් ඉන්දීය අත්අඩංගුවට

නීති විරෝධී මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රී ලාංකිකයින් දොළොස් දෙනෙකු යාත්‍රා තුනක් සමඟ ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝ 200ක් හෂීස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 60ක් අත්අඩංගුවට ගත් බවයි න්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඉන්දීය වෙරළාරක්ෂක බලකා නිලධාරීන් විසින් වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබූ තවත් මත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මුහුදට දමා ඇති බව වාර්තා වනවා.
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් දොළොස් දෙනාට අමතරව තවත් හත් දෙනෙකු ගමන් ගත් බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.
ඔවුන් යාත්‍රාවලින් මුහුදට පැන ඇති අතර ඔවුන් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙම ශ්‍රී ලාංකිකයින් මහා පරිමාණ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ අය බවත් එම යාත්‍රා ගෝවා සහ කර්ණාටක යන ප්‍රාන්ත වෙත යාත්‍රා කරමින් තිබූ බවත් ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කරනවා.
686 Views
Comments