ගානියා සම්බන්ධයෙන් ස්විට්සරලන්ත රජය නිවේදනයක් නිකුත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

ගානියා සම්බන්ධයෙන් ස්විට්සරලන්ත රජය නිවේදනයක් නිකුත් කරයි

ගානියා සම්බන්ධයෙන් ස්විට්සරලන්ත  රජය නිවේදනයක් නිකුත් කරයි

කොළඹ සිට ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැරිස්ටර් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු එරට විදේශ කටයුතු අමාත්‍යාංශ විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

 

ශ්‍රී ලංකාවේ එම සිදුවීම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ නිසි ලෙස සිදු වන බවක් නොපෙනෙන බවත් තම සේවිකාවගේ අයිතිවාසිකම් රැකෙන අයුරින් පරීක්ෂණ සිදුවිය යුතු බව නිවේදනය සඳහන් කරයි.

 

 

පැය තිහක පමණ කාලයක් ඇයගෙන් ප්‍රශ්න කරන ලද්දේ දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් සිටියදී බව ද පවසන එම නිවේදනය පරීක්ෂණය අවසන් වීමටත් කලින් ආණ්ඩුවේ පාර්ශවයෙන් ප්‍රසිද්ධියේ විවේචන එල්ල වන බවද සඳහන් කර ඇත.

 

 

තම කාර්ය මණ්ඩලයේ සේවිකාව වෙනුවෙන් දිය හැකි උපරිම සහය ලබා දීමට කටයුතු කරන බවද සඳහන් කරන එම එම නිවේදනය මෙම පරීක්ෂණය වර්ධනය වන තත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවද සඳහන් කරයි.

 

 

කොළඹ සිටින තම තානාපතිවරයා ඊයේ දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසුණු අවස්ථාවේ මෙම තත්ත්වය මේ ගැන අවධානය යොමු කර සාකච්ඡා කළ බවද නිවේදනයේ සඳහන්ය.

views

766 Views

Comments

arrow-up