කළු තුෂාරට මරණ දඬුවම
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
10

කළු තුෂාරට මරණ දඬුවම

කළු තුෂාරට මරණ දඬුවම

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25.77ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හේරත් මුදියන්සේලාගේ තුෂාර හෙවත් කළු තුෂාර නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

 

 


2017 වසරේ මැයි මස 12 වනදා සිය සේදවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 59 ප්‍රවාහනය කරමින් සිටියදී සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම විත්තිකරු අත්අඩංගුව ගෙන තිබුණි.
ඉන්පසුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේය.

 

 


දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය.

 

 


ඒ අනුව එම චෝදනාවලට වෙන් වෙන් වශයෙන් මරණීය දණ්ඩනය නියම කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කළ බව අප වාර්තාකරු වැඩිදුටත් සඳහන් කළේය.

 

views

622 Views

Comments

arrow-up