ලබන ජූලි මස මුල් සතියේ දී උපාධිධාරී ගුරු පත්වීම් 2,300ක්

ලබන ජූලි මස මුල් සතියේ දී උපාධිධාරී ගුරු පත්වීම් 2,300ක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
එම සියලු උපාධිධාරීන් විභාගයකට පෙනී සිටීමෙන් අනතුරු ව සම්මුඛ පරීක්ෂණ සඳහා ද මේ වන විට පෙනී සිට ඇති බව අමාත්‍යවරයා පවසයි.
ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, දමිළ මාධ්‍යයන් හා තාක්ෂණවේදය මෙන්ම විදේශ භාෂා යන විෂය ධාරාවල උපාධිධාරීන් සඳහා මෙම පත්වීම් ලබාදෙන බව නාත්තණ්ඩිය ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අධ්‍යාපන ඩිජිටල්කරණය යනු හුදු කළු ලෑල්ලෙන් සුහුරු තිරයට මාරුවීමක් පමණක් නොවන බව එහිදී සඳහන් කළ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා නවීනතම ‘ස්මාට්බෝඩ්‘ 2500ක් ලබන අගෝස්තු-සැප්තැම්බර් වන විට පාසල්වලට ලබාදීමට පියවර ගන්නා බව එහිදී වැඩිදුරටත් පැවසීය.
195 Views
Comments