මත්කුඩු ලඟ තබාගෙන සිටි සැකකරු කොස්තාපල්ගේ අත සපාකාලා

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී කොස්තාපල්වරුන් දෙදෙනකුට පහරදී කොස්තාපල්වරයකු සපා කා තුවාල සිදුකර ඇතැයි දුන්ගල්පිටිය පොලිසිය පවසයි.
තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අවුරුදු 33 ක මැදපිටිපන, මීගමුව ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
දුන්ගල්පිටිය පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු දූෂණ මර්දන වැටලීම් රාජකාරියේ යෙදී සිටින අවස්ථාවේදී ලද තොරතුරකට අනුව සැකකරුගේ නිවෙසේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී කොස්තාපල්වරයකුට පහරදී තවත් කොස්තාපල්වරයකුගේ අත සපා කා ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
195 Views
Comments