කිසිම රටකට රෝගීන් නෙරපන්න, පන්නන්න බෑ.. මෙරට සිටින සියළු විදේශික රෝගීන්ට අප ප්‍රතිකාර කරනවා.. ලෝක නීතිය එයයි..
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

කිසිම රටකට රෝගීන් නෙරපන්න, පන්නන්න බෑ.. මෙරට සිටින සියළු විදේශික රෝගීන්ට අප ප්‍රතිකාර කරනවා.. ලෝක නීතිය එයයි..

කිසිම රටකට රෝගීන් නෙරපන්න, පන්නන්න බෑ.. මෙරට සිටින සියළු විදේශික රෝගීන්ට අප ප්‍රතිකාර කරනවා.. ලෝක නීතිය එයයි..

තම රටේ සිටින විදේශීය පිරිසක් රෝගී වුවහොත් නෙරපා හැරීමට හෝ පන්නා දැමීමට අන්තර්ජාතික සෞඛ්‍ය නිර්දේශ යටතේ කිසිම රටකට නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

 

එනිසා එම ප්‍රඥප්තියට බැඳී රටවල් තමයි යුතුකම් ඉටුකළ යුතු බැවින් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්යම්කිසි රෝගී තත්ත්වයකට පත්ව ඇත්නම් එම රටවල් මගින් සෞඛ්‍ය පහසුකම් ලබා දිය යුතු යැයි ද ඔහු පැවසීය.

 

ශ්‍රී ලංකාව ද මේ වන විට එම ක්‍රමවේදය අනුගමනය කරන බවත් මෙරට සිටින ඕනෑම විදේශික රෝගියකු සම්පූර්ණ වශයෙන් සුව වන තෙක් ප්‍රතිකාර කරන බවද ඔහු සඳහන් කළේය.

 

එන්සා ඕනෑම තත්ත්වයක් යටතේ විදේශ ද තුළ රැඳී සිටින රෝගී පුද්ගලයන්ට වෛද්‍ය ප්‍රතිකාර දීමට එම රටවල් බැඳී සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

views

1062 Views

Comments

arrow-up