කොරෝනා වෛරසයේ මීලග ව්‍යාප්තිය සඳහා සූදානම් වන්න - WHO
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

කොරෝනා වෛරසයේ මීලග ව්‍යාප්තිය සඳහා සූදානම් වන්න - WHO

කොරෝනා වෛරසයේ මීලග ව්‍යාප්තිය සඳහා සූදානම් වන්න - WHO

පනවා ඇති සීමා ලිහිල් කළද ඉන් නව්‍ය කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවධානම පහව නොයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ අනුව ලෝක ප‍්‍රජාව නව්‍ය කොරෝනා වෛරසයේ මීලග ව්‍යාප්තිය සඳහා ඉතා ඉක්මනින් සූදානම් විය යුතු බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

 

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව පැවසුවේ යුරෝපය ප‍්‍රධානව ලොව පුරා රටවල් රැසක් වෛසරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පැනවූ සීමා ලිහිල් කොට සාමාන්‍ය ජනජීවීතයට යළිත් හුරුවෙමින් සිටින පසුබිමක් තුළයි. එවන් පසුබිමක් තුළ පුද්ගල දුරස්ථභාවය වැනි කරුණු පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බව ද එම සංවිධානය සඳහන් කළා.

 

මේවනවිට ලොව පුරා රටවලින් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව පනස් නව ලක්ෂය ඉක්මවා තිබෙනවා. වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා රටවලින් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ 62,776 ක්.  

 

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් සහ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වන්නේ අමෙරිකාවෙන්. ඒ අනුව අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් දාහත් ලක්ෂ 68,868 ක් වාර්තා වන්නේ පුද්ගල මරණ එක් ලක්ෂ 3,345 ක්ද සමගයි. 

views

1003 Views

Comments

arrow-up