ත්‍රිවිධ හමුදා හැරගිය අයට පොදු සමාකාලයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
15

ත්‍රිවිධ හමුදා හැරගිය අයට පොදු සමාකාලයක්

ත්‍රිවිධ හමුදා හැරගිය අයට පොදු සමාකාලයක්

විවිධ හේතූන් මත 2019.09.30 දිනට පෙර නීත්‍යානුකූල නොවන අයුරින්  ත්‍රිවිධ හමුදා හැරගොස් සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට නැවත හමුදාවට භාර වීම සඳහා දින හතක පොදු සමාවක් ප්‍රකාශයට පත්කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පතකළ බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

 

පෙබරවාරි මස 05 වැනි දින සිට 07 වැනි දින දක්වා මෙම පොදුසමා කාලය ප්‍රකාශයට පත් කරන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

 

මෙකී කාලය තුළ නැවතත් භාර වී නීත්‍යානුකූල හමුදා සේවයෙන් ඉවත් වීමට හෝ නැවත සේවය කිරීමට අවස්ථාව හිමි වන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.

views

1245 Views

Comments

arrow-up