MCC ගැන ජනතා මතය ජනපති අමෙරිකාවට කෙළින් කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
14

MCC ගැන ජනතා මතය ජනපති අමෙරිකාවට කෙළින් කියයි

MCC ගැන ජනතා මතය ජනපති අමෙරිකාවට කෙළින් කියයි

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ ඉදිරි කටයුතුවලදී ජනතා අදහස් සැළකිල්ලට ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය හමුවේ අද (14) කියා සිටියේය.



දෙදෙනා අතර අද කොළඹදී පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.


මේ අතර විදෙස් දූත පිරිස් කිහිපයක්ම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණි.


දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර මහජන චීන සමුහාණ්ඩුවේ විදේශ අමාත්‍ය චැන්ග් යී මහතා අද ජනාධිපතිවරයාව හමුවූයේ ජනාධිපති කාර්යාලයේදීයි.



ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික හවුල්කරු වශයෙන් චීනය අඛණ්ඩව ශ්‍රී ලංකාවේ අභිලාශයන් වෙනුවෙන් පෙනි සිටින බව මෙහිදි චීන විදේශ අමාත්‍යවරයා පවසා ඇත.



එමෙන්ම රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතාද අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණි.

views

1193 Views

Comments

arrow-up