ඊයේ දිනය තුළ හදුනාගත් ආසදිතයන්ගේ තොරතුරු
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
24

ඊයේ දිනය තුළ හදුනාගත් ආසදිතයන්ගේ තොරතුරු

ඊයේ දිනය තුළ හදුනාගත් ආසදිතයන්ගේ  තොරතුරු

ඊයේ දිනය තුළ සමස්ත ආසාදිතයින් 724 දෙනෙකු හඳුනා ගනු ලැබූ අතර මරණ දෙකක් ද වාර්තා වුණා.

 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින්ගේ ගණන 57,586 ක් වන අතර මරණ 280 දක්වා ඉහල ගොස් තිබෙනවා.

 

ඊයේ දිනය තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් හඳුනා ගනු ලැබුවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 197ක්.

 


ඊට අමතරව, මහනුවර ආසාදිතයින් 110ක් සහ ගම්පහ ආසාදිතයින් 106ක් හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික වාර්තාවේ දැක්වෙන්නේ.

 

මීට අමතරව, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් 311 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගැණුනා.

 

ඒ අනුව ඊයේ දිනය තුල කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක,

 

    කොළඹ 197


    ගම්පහ 106


    මහනුවර 110


    කුරුණෑගල 40


    ගාල්ල 38


    රත්නපුර 31


    කලුතර 28


    මාතලේ 27


    කෑගල්ල 24


    මාතර 22


    පුත්තලම 21


    මන්නාරම 15


    අම්පාර 13


    හම්බන්තොට 12


    වව්නියාව 09


    පොළොන්නරුව 07


    නුවරඑළිය 07


    යාපනය 04


    බදුල්ල 04


    ත්‍රිකුණාමලය 03


    මොණරාගල 02


    අනුරාධපුර 01


    කිළිනොච්චි 01


    මුලතිවු 01


    මඩකලපුව 01

 

views

744 Views

Comments

arrow-up