උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

2020 වර්ෂයේ පැවති  උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ දී නිකුත් කිරීමට කටයුතුකරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

 


 අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 


විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන සිසුන් සැප්තැම්බර් මාසය වනවිට විශ්වවිද්යාලවලට ඇතුළත් කරගැනීමට ද පියවරගන්නා බව අමාත්‍යවරයා පවසනවා

 

ලබන මාර්තු මාසයේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ද පැවැත්වීමට සැලසුම්කර ඇති අතර එහි ප්‍රතිඵල ද ජුනි මාසය වනවිට නිකුත් කිරීමට පියවර ගන්නා බවද ජී. එල් පීරිස් අමාත්‍යවරයා සඳහන් කරයි.

 

 

views

1146 Views

Comments

arrow-up