JAN
17
හොරණ ඇඟලුම් කර්මාන්ත ශාලා තුනක් වසයි

හොරණ, බොරලුගොඩ කර්මාන්ත ශාලා තුනක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
හොරණ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලා පහක සිදුකළ අහඹු PCR පරීක්ෂණවලින් පුද්ගලයන් 19 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනා ගැනුනා.
ඒඅනුව කර්මාන්ත ශාලා තුනක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කළේ.
එම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් 151 දෙනෙකුට පි සි ආර් පරීක්ෂණ සිදු කළ බවත් එයින් ලැබෙන ප්‍රතිඵල අනුව කර්මාන්තශාලා විවෘත කිරීමේ හැකියාව පිළිබඳ තීරණය කරන බවයි.
850 Views
Comments