චීනයෙන් තවත් ඩොලර් මිලියන 700ක මුදලක් ලබාගැනීමට තීරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

චීනයෙන් තවත් ඩොලර් මිලියන 700ක මුදලක් ලබාගැනීමට තීරණයක්

චීනයෙන් තවත් ඩොලර් මිලියන 700ක මුදලක් ලබාගැනීමට තීරණයක්

චීන සංවර්ධන බැංකුව මගින් ශ්‍රී ලංකා රජය තවත් අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාගැනීමට තීරණය කර තිබේ.

 

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මීට පෙර අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ලබාගැනීමට අදාළව අත්සන් තැබූ ගිවිසුමට අතිරේකව එම ණය මුදල ලබාගන්නා බවයි.

 

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 1200ක මුදලක් චීන සංවර්ධන බැංකුව මගින් ලබාගැනීමට නියමිතයි.

 

මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ හැර අනෙක් සියලු භාණ්ඩ ආනයනය කිරීම මාස 03කට අත්හිටුවීමට රජය පසුගියදා පියවර ගත්තේය.

 

මෝටර් රථ, ශීතකරණ , විදුලිපංකා ඇතුළු සුඛෝපභෝගී සියලු භාණ්ඩ ගෙන්වීම ඒ අනුව අත්හිටුවන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය.

 

මූල්‍ය වෙළෙඳපලේ විනිමය සංචිත පවත්වාගෙන යාම සදහා රජය මෙම තීරණය ගෙන තිබේ.

views

581 Views

Comments

arrow-up