දෙවන තරගයේ ජයත් ඕස්ට්‍රේලියාවට(HIGHLIGHTS)

ශ්‍රීලංකාව හා ඕස්ට්‍රේලියාවය අතර පැවත්වෙන 20/20තරගාවලියේ 2වන තරගය අද (30) බ්‍රිස්බේන් හිදී පැවත්වුනා.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රීලංකා කණ්ඩායම පන්දුවාර 19කදී සියලු දෙනා දැවි ලබාගත්තේ ලකුණු 117ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණු ලාබියා වුයේ ලකුණු 27ක් ලැබූ කුසල් ජනිත් පෙරේරායි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඕස්ට්‍රේලියාව පන්දුවාර 13ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවි ජයග්‍රහණය වාර්තා කලා.
ඩෙවිඩ් වෝනර් ලකුණු 60ක් ලබාගත්තා. ස්ටීව් ස්ම්ත් ලකුණු 53යි. ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය මේ වනවිට 2-0ලෙස පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටිනවා. තුන්වන තරගය අනිද්දා පැවත්වීමට නියමිතයි.
662 Views
Comments