වසන්තගෙන් පක්ෂයට අභියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
30

වසන්තගෙන් පක්ෂයට අභියෝගයක්

වසන්තගෙන් පක්ෂයට අභියෝගයක්


එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් හෝ අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් නොවන බව වසන්ත සේනානායක මහතා පවසනවා.

අද(30) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වයෙන් සහ ඔහු දරන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරිමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ(29)  ප්‍රකාශ කළා.

 

තමා අමාත්‍ය ධුරයෙන් ස්වකැමැත්තෙන් ඉල්ලා අස්වීමට සිටි බවත් පැවසු වසන්න සේනානායක මහතා, ඊයේ(29) රාත්‍රීයේ තමාව පක්ෂයෙන් හා අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බවට ප්‍රකාශ කළ නිසාවෙන් තමා අමාත්‍යධූරයෙන් කිසිසේත්ම ඉවත් නොවන බවත් පැවසුවා.

 

තමාට අමාත්‍යධූරය ලබා දුන්නේ ජනපතිවරයා බැවින් තමාව ඉවත් කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවත් කියාසිටි ඒ මහතා, “පුළුවන් නම් අයින් කරන්න“ යැයි ද මෙහිදී අභියෝග කර කියා සිටියා.

 

හදිසි තීරණයකින් කිසිදු කෙනෙක් පක්ෂයකින් ඉවත් කළ නොහැකි බවත් කියා සිටි සේනානායක මහතා විදේශ කටයුතු රාජ්‍ය ඇමති ලෙස තමා තවම සිටින බවත් කියා සිටියා.

views

660 Views

Comments

arrow-up