ජනපති අපේක්ෂකයන්ට අමතර ආරක්ෂාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
27

ජනපති අපේක්ෂකයන්ට අමතර ආරක්ෂාවක්

ජනපති අපේක්ෂකයන්ට අමතර ආරක්ෂාවක්

පවතින ආරක්ෂක වාතාවරණය අනුව ප්‍රධාන ජනාධිපති ධූර අපේක්ෂකයන්ගේ ආරක්ෂක භට සංඛ්‍යාව 215ක් දක්වා ඉහළ දමා ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාට හා  සජිත් ප්‍රේමදාස මහතාට මෙතෙක් තිබූ ආරක්ෂකයන්ට අමතරව මෙම ආරක්ෂක භටයන් 215 අනුයුක්ත කර තිබේ.

 

එහෙත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ජනපති අපේක්ෂක අනුර දිසානායක මහතා තමන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක් අවශ්‍ය නොවන බව පොලිස් මූලස්ථානයට දන්වා ඇත. මහේෂ් සේනානායක මහතා ප්‍රමුඛ සෙසු අපේක්ෂකයන්ට ද ඔවුන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් ඇස්තමේන්තුවක් කොට අවශ්‍ය ආරක්ෂක භට සංඛ්‍යාව ලබා දෙනු ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

 

මේ අයට අමතරව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ද අමතර ආරක්ෂක භටයන් 50 දෙනකුගේ ආරක්ෂාව සපයා ඇත. ඒ දැනට විපක්ෂ නායකවරයා ලෙස ඔහුට ලබා දී තිබෙන ආරක්ෂාවට අමතරවය.

views

655 Views

Comments

arrow-up