මහමැතිවරණයට අදාල පෙත්සම් පිළිබද තීන්දුව අද සවස

මහ මැතිවරණය ජුනි 20 වනදා පැවැත්වීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොණුකර තිබූ පෙත්සම් විභාගයට ගන්නේ ද නැද්ද යන්න පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පස්වරුවේ ලබාදෙනවා.
එම පෙත්සම් දස වන දිනටත් සලකා බැලීම ඊයේ (01) සිදුවුණා. ඒ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ. අගවිනිසුරු ජයන්ති ජයසූරිය සහ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ, පි‍්‍රයන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ එහි සාමාජිකයන්.
මහ මැතිවරණයට පැවැත්වීමට අදාළ සෞඛ්‍ය උපදෙස් ඇතුලත් මාර්ගෝපදේශ මාලාව මේ සතිය අවසන්වීමට පෙර නිකුත් කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
සෞඛ්‍ය අංශ එම මාර්ගෝපදේශන මාලාව සකස් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරන බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළා. පෙත්සම්කාර පාර්ශවයන් වෙනුවෙන් පිළිතුරු දේශන ඉදිරිපත් කළේ ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්දිරන් මහතායි.
651 Views
Comments