කොරෝනාවෙන් ශ්‍රී ලංකාව ලොව පළමුවෙනි රටවල් 100 අතරට - අප සිටින තැන ඔබම සිතන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

කොරෝනාවෙන් ශ්‍රී ලංකාව ලොව පළමුවෙනි රටවල් 100 අතරට - අප සිටින තැන ඔබම සිතන්න

කොරෝනාවෙන් ශ්‍රී ලංකාව ලොව පළමුවෙනි රටවල් 100 අතරට  - අප සිටින තැන ඔබම සිතන්න

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවී ඇති ලොව රටවල් අතරින් 100 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ඒ රටවල් සහ ප්‍රදේශ 215ක් අතුරින්.

 

කොරෝනා ආසාදිතයින් සම්බන්ධයෙන් worldometers වෙබ් අඩවිය විසින් පළකර ඇති නවතම දත්ත අනුව ශ්‍රී ලංකාව මෙලෙස 100 වන ස්ථානයට පත්ව ඇත්තේ හොංකොං රාජ්‍ය, වෙනිසියුලාව, සයිප්‍රස්, ඉතියෝපියාව, මැඩගස්කරය, ජැමෙයිකාව වැනි රටවල් පසු කරමින්.

 

මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 1182 ක් වාර්තා වී තිබෙන අතර එයින් පුද්ගලයින් 10 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ගතවූ දින දෙක තුලදී පමණක් කොරෝනා ආසාදිතයින් 93 ක් වාර්තා වී තිබෙනවා.

 

එලෙස වාර්තා වූ රෝගීන් 93 දෙනා ගෙන් 90 දෙනෙකු කුවේට් සිට පැමිණි පුද්ගලයින් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

 

ලොව වැඩිම මරණ සහ ආසාදිතයින් වාර්තා වන අමෙරිකාවේ මේ වන විට කොරෝනා මරණ සංඛ්‍යාව 99,805 ක් වන අතර වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව මිලියන 1.7ක්.



අමෙරිකාවෙන් පසුව ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්ය. එරට මේ වන විට කොරෝනා ආසාදිතයින් 376,669ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 23,522ක් වනවා.



ලොව තෙවැනියට වැඩියෙන්ම කොරෝනා රෝගීන් වාර්තා වන්නේ රුසියාවෙන්ය. එරටින් මේ වන විට ආසාදිතයින් 353,427ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 3,633ක් වනවා.

 

අසල්වැසි ඉන්දියාව මේ වන විට එම ලැයිස්තුව අනුව පසුවෙන්නේ 10 වන ස්ථානයෙයි. එරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 145,456ක් වන අතර මරණ සංඛ්‍යාව 4,172ක් වනවා. 

 

කොරෝනා වෛරසය පළමුවෙන් වාර්තා වූ චීනය පසුවන්නේ 12 වන ස්ථානයේයි. එරටින් මේ දක්වා අසාදීතයින් 82,992ක් වාර්තා වී තිබෙන අතර මරණ සංඛ්‍යාව 4,634ක් බවයි worldometers වෙබ් අඩවියේ දත්ත පෙන්නුම් කර සිටින්නේ.

 

 

 

views

1028 Views

Comments

arrow-up