විශ්‍රාම ගියත් රෝගීන්ට ප්‍රතිකාර කරන්න ආ ශ්‍රී ලාංකික වෛද්‍යවරයා ලන්ඩනයේදී මිය යයි

වැඩිහිටියන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වූ ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු ලන්ඩනයේදී කොවිඩ් -19 අාසාදිතව මියගොස් තිබෙනවා.
70 හැවිරිදි වියේ පසුවූ වෛද්‍ය ඇන්ටන් සෙබස්තියන්පිල්ලෙයි කිංග්ස්ටන් රෝහලට ඇතුළත් කර දින හතරකට පසු සෙනසුරාදා මිය ගිය බවයි බීබීසීය වාර්තා කරන්නේ.
1967 දී ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් ලැබූ උපදේශක ප්‍රවීණ වෛද්‍යවරයා නිරිතදිග ලන්ඩනයේ රෝහල සමඟ දීර්ඝ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය අයෙක්.
කිංග්ස්ටන් රෝහලේ එන්එච්එස් පදනම් භාරය පැවසුවේ ඔහු අවසන් වරට වැඩ කළේ මාර්තු 20 වනදා බවයි.
“කිංග්ස්ටන් රෝහලේ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ උපදේශක වෛද්‍යවරයෙකුගේ මරණය මා සනාථ කිරීම මහත් කණගාටුවට කරුණක්” යැයි ප්‍රකාශකයෙක් පවසා තිබුණා.
“මාර්තු 31 සිට වෛද්‍ය ඇන්ටන් සෙබස්තියන්පිල්ලෙයි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී සෙනසුරාදා මිය ගියා.
ඔහුගේ පවුලේ අයට අපගේ අවංක ශෝකය ප්‍රකාශ කිරීමට අපි කැමතියි. ”
632 Views
Comments