ඉරණතිව් දූපතේ කොරෝනා ආසාදිත මළ සිරුරු භූමදානයට විරෝධතා (PHOTOS)

කොවිඩ් මෘත දේහ වැළලීමට යැයි ඉරනතිව් දූපතේ සැකසු වළවල් දූපත් වැසියන් විසින් වසා දමා දූපතට කොවිඩ් මෘත දේහ ගෙනඒමට විරුද්ධව අද (03) ඉරනමාතා නගර් වෙරළ තීරයේදී විරෝධතාවයක නිරත වෙමින් සිටිනවා.
ඉරනතිව් දූපත තුළ කොවිඩ් මෘත දේහ වැළලීමට කිසියම් පිරිසක් වළවල් සාදා ඇති බවත් කොවිඩ් මෘත දේහ දූපතට රැගෙනඒමට තමන් දැඩි ලෙස විරුද්ධ බැවින් අදාළ වළවල් වසා දැමු බවත් ඉරතිව් දූපත් වැසියන් පවසන්නේ.
පවුල් 150 කට වැඩි සංඛ්‍යාවක් වෙසෙන ඉරණතිව් දූපතේ කොරෝනා ආසාදිත මෘතදේහ භූමදානය කිරීමට රජය තීරණය කළේ කුමන පදනමකින් ද යන්න ගැටළු සහගත බවයි ඉරණතිව් වැසියන් සඳහන් කර සිටින්නේ
විරෝධතාවයට කිතුණු ආගමික නායකයින්, දේශපාලන නියෝජිතයින්, දූපත්වාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා
670 Views
Comments